හොඳම දේ දරුවන්ටයි

මේ බ්ලොග් අවකාශය දූලා, පුතාලට කියවන්ටයි.
ලියන්නේ නැන්දල, මාමල.

Saturday, September 29, 2012

නන්දි විසාල ජාතකය




 දුවේ පුතේ අද බිනර පොහොය දවසයි. ඔන්න නැන්දා අද ඔයාලට කියන්නෙ ජාතක කථාවක්.



ඉස්සර කාලෙ භාරතයේ,  බමුණෙක්  ඈත ගමක වාසය කළා. මේ බමුණාට නන්දිවිසාල නම් ගවයෙක් සිටියා. නන්දිවිසාල ගවයා ලොකු මහත් වෙත් දී බමුණා ටිකින් ටික වයසට ගියා. බමුණාට මුදල් අතින් කරදර වුණා. තමා ව ඇති දැඩි කළ හාම්පුතාට තමා සැලකිය යුතු යයි නන්දි විසාල කල්පනා කළා. එහෙම හිතමින් නන්දි විසාල බමුණා ළඟට ගියා.
“ඔබ මුදල් කරදරයෙන් ඉන්නා බව මට තේරෙනවා. මම ඔබට පොහොසත් වෙන්න මගක් කියලා දෙන්නම්.”
“ඒ කොහොමදැයි බමුණා ඇසුවා”

“එකට බඳින ලද ගැල් සීයක් එකවර තනිවම අදින්න මගේ ගවයාට පුළුවන් බව පවසා ඔබ කහවනු දහසක් ඔට්ටුවක් අල්ලන්න” නන්දිවිසාල කිව්වා.
බමුණාත් ඒ විදියටම කළා. ධනවත් සිටුවරු සමඟින් ඔට්ටු ඇල්ලුවා. තරගය නියමිත දිනයේදී බමුණා නන්දිවිසාලගේ පිටට නැග්ගා. නන්දිවිසාල බැඳ සිටියේ මුල්ම කරත්තෙයි. බමුණා නන්දිවිසාලට මෙසේ කිව්වා.
“ඇදපන් කුළු හරකෝ ඇදපන්” බමුණා නන්දි විසාලට කෑ ගහලා කිව්වා. 
නන්දවිසාල සිටි තැනින් සෙලවුණේවත් නැහැ. බමුණා නන්දි විසාලට කෙවිටෙන් තඩි බෑවා. 
නරක වචනයෙනුත් බැන්නා. ඉතින් නන්දි විසාල අඩියක් වත් ඉදිරියට ගියේ නැහැ. අන්තිමේදී බමුණා කහවුණු දහසේ ඔට්ටුව පරාජය වුණා. බමුණාට හරිම දුකයි.
“ඇයි මෙහෙම දුකින් නිදාගෙන ඉන්නේ” නන්දිවිසාල ඇසුවා. 

“මම නිදා ගන්නවා නොවෙයි. කහවුණු දහස  පැරදුණ දුකිනුයි ඉන්නේ” 
බමුණාගේ කතාව අසා සිටි නන්දිවිසාලට ලොකු අනුකම්පාවක් ඇති වුණා.
“ඔබට පාඩු වුණේ ඔබ නිසාමයි. මම කිසිදාක ඔබට වරදක් කරළා නැහැ. මම තරගයට ඉදිරිපත් වුණෙත් ඔබට මුදල් හම්බ කරලා දෙන්නයි. ඒත් ඔබ මට කතා කළේ ඉතාම පහත් විදියටයි. මට බැන්නා වගේම මට පහර දුන්නා. ඒ නිසයි මම කරත්තය අඩියක්වත් ඉස්සරහට ඇද්දේ නැත්තේ” නන්දි විසාල කිව්වා. 

වැරැද්ද තමා අත බව බමුණාට තේරුණා. නැවතත් නිකරුණේ හිරිහැර නොකරන බවට බමුණා පොරොන්දු වුණා.
“එහෙම නම් නැවතත් ගිහින් මගේ ගවයාට ගැල් සීයක් එකවර අදින්නට පුළුවන් කියලා 
“කහවුණු දෙදහසක් ඔට්ටු අල්ලන්න” නන්දි විසාල කිව්වා. 
බමුණා ඒ විදියටම කළා. එදා උදේ බමුණා නන්දි විසාල ව නාවලා හොඳට කවලා මල් මාලා වලින් සැරසුවා. සරසවාගෙන තරග බිමට රැගෙන ගියා. තරගය ඇරඹුනා.
“නන්දි විසාල මගේ හොඳ රත්තරන් පුතා! මේ ගැල් සීයම එකවර අදින්න. ඔයා හොඳ දක්ෂයා” බමුණා කිව්වා. 

නන්දි විසාලට ආඩම්බර හිතුණා. බමුණාගේ කරුණාවන්ත කට හඬට නන්දිවිසාල ගැල් සීයම එකවර ඇදගෙන ඉදිරියට ගියා. බලා සිටි මිනිසුන් අත් පුඩි ගැසුවා. නන්දි විසාලට ප‍්‍රීති ඝෝෂා කළා. බමුණා රන් කහවුණු දෙදහසේ ඔට්ටුව දිණුවා. දෙදෙනාටම හරි සතුටු හිතුනා.


**දැක්ක නේද? අපි නරක වචන කතා කරන කොට කවුරුවත් අපිට කැමති වෙන්නෙ නෑ.  තිරිසන් සතෙක් වත් අපි බැනල සැරෙන් කතා කරනවාට ආස නෑ. ඒ නිසා  අපි හැම වෙලාවෙම ප්‍රිය වචනම කතා කරන්න පුරුදු වෙමු.

(නන්දි විසාල ජාතකය ඇසුරිනි)

26 comments:

  1. ලොකු දුව ආසාවෙන් කියෙව්වා මේ කතාව

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලින්, දුවත් එක්ක මේ පැත්තෙ ආවට.

      Delete
  2. ස්තුති.. කියෙව්වේ පෝය දවසේ නෙවේ..

    අසා ඇති ජාතක කතාවක්.. නැවත කියවීමි.

    ජය !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! sAm මේ පැත්තෙ ආවට.

      Delete
  3. නන්දි විසාල ජාතකය ඇහැව්වේ මුලින්ම උසස් පෙළ කාලේ..... ජාතක කතා පොත කියවලා තිබුනනම් පොඩි අයට කතන්දර ඕන තරම් තියෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! බුද්ධි, එක ඇත්ත කොච්චර ආදර්ශමත් කතා පොඩිත්තන්ට ජාතක පොතේ තියෙනවද?

      Delete
  4. නන්දි විසාල ජතකයෙන් කියවෙන අදාර්ශමත් සහ තැනට සුදුසු අයුරින් කතා කිරිම අපි කාටත් වැදගත්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! දයානන්ද වටිනා අවවාදයට.

      Delete
  5. මම දැක්කෙ නන්දි කඩාල් කලපුව වගේ .. :D පොඩි උන්ට නිදාගන්නකොට අද කියාදෙන්න ඔන

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ලොකු ජෝන්. ඉතින් කිව්වද කතාව ?

      Delete
  6. ස්තුතියි ආන්ටි..ඔන්න මමත් කියෙව්වා :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! දුවේ.

      Delete
  7. යහපත් වචන කතා කරන්න වගේම අනුන්ට යහපත් අන්දමින් ආමන්ත්‍රණය කරන්නත් පොඩි කාලේ ඉදන්ම පුරුදු වෙන එක හොඳයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! හසිත වටිනා අවවාදයට.

      Delete
  8. මතකයන් නැවත අළුත් කිරීමක්..! ස්තූතියි ගොඩක්..! :)

    ReplyDelete
  9. ස්තූතියි! නන්ඳු මේ පැත්තෙ ආවට.

    ReplyDelete
  10. පොඩි අයට බලන්න මෙව්වා ලියවෙන එක වටිනවා , එයාලට දෙයක් ලියවෙනවා අඩුයිනේ.


    "මහන මැසිම" සහ "අටම්පහුර" ලියන කන්දෙවිදානෙ

    ReplyDelete
  11. ආදර්ශමත් කතාවක්.. මතකය අලුත් උනා. බොහොම වටිනා වැඩක් මේ වගේ දේ ලියන එක!!

    ReplyDelete
  12. කිටත් කියවන්න වටින කතාවක්...ඇත්තටම අද දැක්ක එකත් ලොකු දෙයක්..

    කවුරැ කවුරැත්
    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  13. මට යන්තම් මතකයි දහම්පාසලේ පොතකද කොහේ තිබුන වගෙයි. හැමෝම කැමති කරුණාව දක්වනවට

    ReplyDelete
  14. බලපුවම මේක එක පොඩි එකෙක්වත් කියවලා නෑනෙ.. ඔක්කොම බ්ලොග් ලියන ලොකු එවුන් තමා කියවලා තියෙන්නෙ...කෝ මේ පොඩ් එව්වො.. ඉන්ටර්නෙට් ගේම් ගහනවද දන්නෑ.. :-)

    ReplyDelete
    Replies
    1. දන්නවද? ඔන්න ඔයාට ෆලෝව'ස්ල 100යි.. මම තමයි 100 වෙනියා.. :)
      සුභ පැතුම් චන්දි!!!

      Delete
  15. ආයුබෝවන්... අදයි මේ පැත්තට ආවේ...

    මේ කතාව දහම් පාසලේ දී අහල තිබුනත් අයෙත් වතාවක් කියෙව්වා :)

    පුංචි ළමයි වෙනුවෙන් ලියවෙන මේ වගේ බ්ලොග් එකක් දැක්කාමයි ...අයෙත් වතාවක එන්නම් කෝ...

    ReplyDelete
  16. නියම වැඩක් මගෙනුත් සුභ පැතුම්.. දිගටම ලියන්න..

    ReplyDelete
  17. කමෙන්ට් ලියාපු සැමට ගොඩාක් ස්තූතියි!

    ReplyDelete
  18. හරිම ලස්සන කතාවක්

    ReplyDelete