හැනෝයි කියන්නේ මෙහි අගනගරය . මේ අගනගරය ගැන කියන්න බොහොම දේවල් තිබුනත් ඒ ගැන වෙන වෙලාවක කියන්නම්. අද මන් පුංචිම පුංචි කතාවක් කියන්නයි හදන්නේ ආරම්භයක් විදිහට .
විල් දහස් ගානක් ඇති හැනෝයි පළාතේ නගරය මැදම ඒකියන්නේ නගරයේ හදවත වගේ කියන්න පුළුවන් Hoan Kiem විල පිහිටලා තියෙනවා . අපේ රටේ වැව් වලයි මේ විල් වලයි වෙනස තමයි අපේ වගේ මිනිසුන් විසින් නිමවූ ඒවා නෙමේ . ස්වභාවිකව ඇති වුන ඒවා .
ඉතින් මේ කිව්ව විලේ ඉතාම ප්‍රසිද්ධ ජනප්‍රවාදයක් තියෙනවා . ඉස්සර කාලේ චීනයට ඕන වුනා මේ රට යටත් කරගන්න . විවිධ කාලවලදී සටන් ඇති වුනා .වියට්නාමයේ හිටපු Le Loi රජතුමාට සිදු වුනා එහෙම චිනෙත් එක්ක සටන් කරන්න . දිව්‍ය ලෝකයෙන් ඒ රජතුමාට රත්තරන් කඩුවක් ලැබුනා . ඒ නිසයි යුද්ධෙ දිනන්න හැකි වුනේ .
යුද්ධය ඉවර වෙලා පසු කලෙක රජතුමා මේ විලේ ඔරු පදින්න ගියාලු . එකපාරටම විශාල කැස්බෑවෙකු වතුරෙන් මතු වෙලා අර රත්තරන් කඩුව අරගෙන වතුර යටට ගියාලු .
කතන්දරේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් තවමත් මේ විලේ ඉතා විශාල කැස්බෑවන් විශේෂයක් ජිවත් වෙන ඒක නම් හරිම පුදුමයි . ජල දුෂණයත් මසුන් මැරීමට විවිධ ක්‍රම අනුගමනය කිරීමත් නිසා මොවුන් සෑහෙන දුරට වඳ වෙලා ගිහින් කීපදෙනයි ඉන්නේ . රජය මේ ටික දෙනා රැක ගන්න උත්සාහ ගන්නේ මේ ටික දෙනා ඉතාම වටිනා නිසයි . පාරිසරික අතින් සහ ඉතිහාසමය අතින් මේ කැස්බෑවන් මේ රටේ මිනිස්සුන්ට ඉතා වටිනවා .
[Rafetus leloii තමයි විද්‍යාත්මක නම ]
මොවුන් පේන්න ඉන්නේ බොහොම කලාතුරකින් . මේ කැස්බෑවෙකු දැක ගැනීම විරල වාසනාවක් ලෙසයි වියට්නාම ජාතිකයින් අදහන්නේ .
විල මැද පන්සලේ තබා ඇති සංරක්ෂණය කරන ලද කැස්බෑවා
මේ ලින්ක් එක ඔස්සේ ගිහින් මේ පිලිබඳ විකිපීඩියාවේ තියෙන තොරතුරු කියවන්න පුළුවන් වැඩි විස්තර දැන ගන්න ආස කෙනෙක්ට .
පින්තුර ගත්තේ මෙතැනින් . |
මේක ලියන්නේ බින්දිද පොඩි එවුන්ද?
ReplyDeleteඅගේ කල යුතුම වෑයමක්.
රට රටවල් වල විවිධාකාර ජනරවාද තියෙනවා.. මේ ගැන අපිට කිව්වට ගොඩක් ස්තූතියි...
ReplyDelete@ රංගි
ReplyDeleteබින්දී තමයි ලියන්නේ . මේ පොඩි අයට ලියන වැඩේ ලේසි නැහැ . වෙනද වගේ ඔහේ ලියාගෙන යන්න බැහැ. සරලව ..නුසුදුසු වචන නොදා ..අකුරු වරදන්නේ නැතුව ලියන්න ඕනනේ . කි පාරක් නම් මධුර බැලුව කියලද මේ පොඩ්ඩට . ඒත් අකුරු අඩු පාඩු තියනවද මන්දා . කවුරු හරි දැක්කොත් කියන්න හොඳේ එහෙම වරදක්.
අපි ඔයාගෙන් ඉතාලිය පැත්තේ තොරතුරු ටිකක් එයි කියල හිතනවා .
@දිනේෂ්
ස්තුතියි දිනේෂ් . නෙලුම් විලේ ලිව්ව එකක් මේ සංස්කරණය කරලා දැම්මේ .
පුංචිත්තා කියවන්න ආපු, පුංචිත්තට ආශීර්වාද කරන, පුංචිත්තා ජනප්‍රිය කරන්න උත්සාහ කරන නැන්දල, මාමල හැමෝටම හුඟාක් ස්තුතියි. පුංචිත්තාව දරුවන් අතරට ගෙනයන්න පුළුවන් ඔය නැන්දල, මාමලටම තමයි. පුංචිත්තා ලියන්න දැනට නැන්දල, මාමල කිහිපදෙනෙක් එක්කහු වෙලා ඉන්නවා. ළමයින් වෙනුවෙන් ලියන්න පුළුවන් තව නැන්දල, මාමල ගොඩක් මේ ආපු නැන්දල මාමල අතර ඉන්න බව පුංචිත්ත දන්නවා.
ReplyDeleteඉතින් නැන්දේ, මාමේ,
ඔයාලත් පුංචිත්ත වෙනුවෙන් ලිපි ලියන්න කැමති නම් පහත ඊ මේල් ලිපිනයට ඔයාලගේ කැමැත්ත දන්නල එවන්ඩ. මම පොත්ගුල්ල මාමට කියල ඔයගොල්ලන්ව එකතු කරන්නන්.
phussadeva@gmail.com
නැන්දල, මාමලට ජය වේවා!
මීට,
පුංචිත්තා
වියට්නාමේ ඉබ්බන්ගේ කතාව කිව්වට බින්දි නැන්දට ගොඩක් ස්තුතියි. හුඟක් අලුත් දේවල් පුංචි ඈයින්ට දැනගන්න පුළුවන් දැන්. අපිට ලස්සන කවි කතාවකුත් ලියන්න.
ReplyDeleteබින්දි නැන්දෙ ස්තූතියි බලාගෙන නොඉඳ ඉක්මනින් ලිපියක් ඉදිරිපත් කෙරුවට, (පොඩ්ඩන්ට ලියන එක ලේසි නෑ අප්ප, කරන්න ගියහමයි තේරෙන්නෙ )
ReplyDeleteපොඩි අය විතරක් නෙවෙයි අපිත් කියවනවා බින්දි නැන්දේ...
ReplyDeleteෂාඃ..හරිම ලස්සනයි..බින්දි නැන්දට බොහොම ස්තූතියි හොඳ ආරම්භයක් ගත්තට.....
ReplyDeleteහරි ..ඔව් හරි...ලේසි නම් නැහැ . විශේෂයෙන් අකුරු හෙම වැරදියි කියල බයයි .
ReplyDeleteඅභීත සහ ලකී ..ඔව් කියවල ළමයින්ට කියල දෙන්නකෝ ඔය ළමයි .
පුන්චිත්තා ...බොහොම හොඳයි . අර චුටි මහත්තය මාමා කැමති නම් චිත්‍ර කතාවක් අඳින්න පුළුවන් ද අහමු
වැඩේ ලේසි නැහැ, ඒත් බින්දි ලස්සනට කරලා තියෙන්නේ. සුබ පැතුම්!
ReplyDeleteඅකුරු/විනිස පරීක්ෂා කර බලන්න සුබස යොදා ගන්න පුළුවනි.
http://www.subasa.net/spellerweb.py
බින්දි නැන්දේ යෝධ කැස්බෑ සියලා ටිකක් එක්කම වැඩේ පටන් අරන්නේ............
ReplyDeleteපුංචි ළමයිට ලියන එක ලේසී නම් නෑ තමා...... :)
බින්දි, නැන්දාගේ කථාව හරිම ලස්සනයි. පුංචි දුවල පුතාල බොහොම කැමති වේවි මේ කථා බලන්න. වැඩිහිටි අය ඒ ගැන දැනුවත් කරනවා නම් අගෙයි නේද. අද රෝස කුමාරි නැන්දත් කථාවක් ලියල තියෙනව දැක්ක. ස්තූතියි බින්දි නැන්දේ.
ReplyDelete