හොඳම දේ දරුවන්ටයි

මේ බ්ලොග් අවකාශය දූලා, පුතාලට කියවන්ටයි.
ලියන්නේ නැන්දල, මාමල.

Monday, October 10, 2011

පුංචි රළපෙළ


ගෙවාවිත්
දුර
සිපගන්නේ
බිඳෙන්නද
පොඩිවී
පුංචි
රළපෙළ

ආවේ
දුරගෙවා
අරගෙන
සිප්පිකටු

හැප්පි
ගල්පර
රැගෙන
කිරිපෙන

එන්න
පොඩි
පුතුනේ
වෙරළට


උපුටා ගත්තේ: ගල්මල්-Coral (22-03-2010) වෙතින්
පිංතූරය ගත්තේ: http://ih3.redbubble.net/

10 comments:

  1. ඇත්තමයි, සරළයි. ලස්සනයි.

    ReplyDelete
  2. සරල ලස්සන පද පෙළක් . කාලෙකින් මේ පැත්ත බලන්නවත් ලැබුනේ නැහැ . ස්තුතියි ඩීන්

    ReplyDelete
  3. මට මතක්වුනේ

    මුහුදු පතුල යට ඉඳලා
    මුතු ඇටයක නිදි කරලා
    පෙන කැටියක පා කරලා
    මගේ දෝතට පුතු ආවා

    ReplyDelete
  4. සරලයි. ඒ වගේම ලස්සනයි.

    ReplyDelete
  5. මේක නම් අගේ ඇති වැඩක් Bindi. ඔබගේ මේ ව්‍යායාමය අති සාර්ථක එකක් වේවා. මාත් තාත්තා කෙනෙක්.
    henryblogwalker the Dude

    ReplyDelete
  6. හරිම ලස්සනයි... :) වර්තමාණයේ පොඩිත්තන්ට පුංචි කතාන්දර, කවි, සිංදු, තවත් රටවල ජනකාතාවන්ගෙ දැනුමෙ අඩුව පුරවන්න මේ දරණ වෑයමට හැමදෙනාටම ගොඩක් ස්තූතියි.. බොහොමත් පිං... :)

    ReplyDelete
  7. හරිම සරලව පොඩිත්තන්ටම සෙනෙහසින් ලියපු කවි පෙලක්. ජය පතනවා ඩීන් මල්ලි.

    ReplyDelete
  8. අදහස් දැක්වූ සැමට බොහෝම ස්තුතියි, පොඩි අපහසුවක් නිසා පිලිතුරු සටහනක් ලියන්න පමා වුනා.

    ReplyDelete