හොඳම දේ දරුවන්ටයි

මේ බ්ලොග් අවකාශය දූලා, පුතාලට කියවන්ටයි.
ලියන්නේ නැන්දල, මාමල.

Friday, October 21, 2011

එළුවන් දෙදෙනා


දවසක් දොළ පාරක් හරහා දාපු ඒදණ්ඩක් උඩින් එළුවෙක් එගොඩට යමින් සිටියා. ඒදණ්ඩේ මැද හරියෙදී එයා දකිනවා මුහුණට මුහුණලා අනික් පැත්තේ සිට එන තවත් එළුවෙක්. ඒදණ්ඩ පටුයි. සතුන් දෙදෙනාටම එකපාරට දෙපැත්තට යන්න ඉඩ මදියි.

කලබලයට පත් වූ එළුවා "ඔහෝම නවතිනවා!" කෑගහන්න පටන් ගත්තා. "හැරිලා ආපහු යන්න, ඒදණ්ඩ උඩින් අපි දෙන්නටම එකපාරට මාරුවෙන්න ඉඩක් නැහැ." අනිකාට කිව්වා.

"ඇයි මං? ඔයා හැරිලා යන්නේ නැත්තේ ඇයි?" අනෙකා ඇහුවා.

"බෑ. බෑ. හැරිලා ආපහු යන්න ඕනේ ඔහේ මම නෙවෙයි. මමයි මෙතැන බලවතා."

"ඒ කොහොමද? ඔහේ මං තරම් ශක්ති සම්පන්න නැහැ." දෙවැනි එළුවා කිව්වා.

ඒ කථාවෙන් කේන්තියට පත් වූ එළුවා "එහෙනම් බලමු" කියමින් අං අමෝරාගෙන අනින්න කුරුමානම් ඇල්ලුවා.

"එපා. එපා." අනිකි එළුවා බැගෑපත් වූවා. "අපි මෙතැන රණ්ඩු කළොත් දෙන්නම වතුරට ඇදගෙන වැටිලා ගිලිලා මැරෙන්න පුළුවන්. පොඩ්ඩක් ඉන්න, මං ඒදණ්ඩේ දිගාවෙන්නම්, මගේ ඇඟ උඩින් පය තියලා ඔහේට  අනික් පැත්තට යන්න පුළුවන්."

එහෙම කියූ නුවණක්කාර එළුවා ඒදණ්ඩ දිගේ දිගා වුණා. එයාගේ ඇඟ මතින් අනික් එළුවා බොහෝම සීරුවෙන් අඩියෙන් අඩිය තියා අනික් පැත්තට මාරු වුණා. නුවණක්කාර එළුවා ද නැගිට්ටා, එළුවන් දෙදෙනාම සිනාමුසු මුහුණින් දෙපැත්තට යන්න ගියා.

The Two Goats කතාව ඇසුරිනි.

පිංතූරය ගත්තේ: http://www.kidsgen.com/

8 comments:

  1. බොහොම ස්තුතියි පුන්චිත්තට කතාවක් ලිව්වට . මන් අර සේද මාවතේ අතරමන් වෙලා තවම පාර හොයනවා . කෙළවරක් දැක්ක ගමන් පුන්චිත්ත දිහාත් එන්නම් .
    මේ කතාව දැකල මට පින්තුර කතා පොතේ මේ කවිය මතක් වුනා .
    ''ඒ දණ්ඩේ ඉන්නා
    මෝඩ එළුවෝ දෙන්නා
    තරඟෙට ඇන ගන්නා
    ගඟට අඩන වැටුනා ''

    ReplyDelete
  2. හොද වෙලාවට එක එළුවෙක්ට මොලේ තිබුනේ.. නැත්නම් දෙන්නගෙම අවසානය..

    ReplyDelete
  3. @Bindi:
    මේ කතාවෙ තවත් වර්ෂන් එකක් තියෙනවා, ඒ අනුව කවිපෙලේ කියවෙන පරිදි එළුවන් දෙදෙනා ගඟට ඇද වැටෙනවා. එය දකින වෙනත් එළුවෙක් දවසක් ඒදණ්ඩ හරහා යද්දී ඇතිවෙන සිද්ධියේ දී; මේ කතාවේ කියවෙන පරිදි තැනට උවිත නුවන පාවිච්චි කරන අන්දම ඉන් විස්තර කෙරෙනවා.

    ReplyDelete
  4. මටත් මතකෙට ආවෙ බින්දි අක්ක කිව්ව කවිය. ඒකෙනම් දෙන්නම ගඟේ. මේ එළුවො දෙන්නගෙන් එක්කෙනෙක්ට නුවණ තිබුනු නිසා බේරුනා.

    ReplyDelete
  5. හොඳ ආදර්ශවත් කතාවක්. නුවණ පාවිච්චි කරලා මෙහෙම වැඩකරන්න ඉගෙන ගන්න ඕනෙ මේ දුවල පුතාලත්. දැක්ක නේද? හැම දේටම ඉවක් බවක් නැතිව රණ්ඩු අල්ලන්න ගියොත් කරදරේ වැටෙනවා.

    ReplyDelete
  6. හරිම ලස්සන කතාවක් අයියෙ...අර ඇනිමේෂන් එකක් දාපු එක නම් හරිම අපූරුයි. ඒක කතාවට ප්‍රාණවත් බවක් එකතු කරනවා..ඔන්න මම මේක අද ගිහින් අපේ පොඩ්ඩට කියල දෙනවා.

    ReplyDelete
  7. හරිම ලස්සන කතාවක් අයියෙ...අර ඇනිමේෂන් එකක් දාපු එක නම් හරිම අපූරුයි. ඒක කතාවට ප්‍රාණවත් බවක් එකතු කරනවා..ඔන්න මම මේක අද ගිහින් අපේ පොඩ්ඩට කියල දෙනවා.

    ReplyDelete