හොඳම දේ දරුවන්ටයි

මේ බ්ලොග් අවකාශය දූලා, පුතාලට කියවන්ටයි.
ලියන්නේ නැන්දල, මාමල.

Friday, December 2, 2011

ඥාණවන්ත ඉබ්බා සහ ගෝත්‍රික නායකයා.

ඔන්න දුවේ පුතේ, ඔයාලට මේ ගමන නැන්දා කියන්න යන්නෙ අපේ රටටත් ගොඩාක්ම සමීප කතාවක්. ඉස්සර කාලෙ ඉබ්බො ජීවත් උනේ ගොඩබිම. එක දවසක් වෙනකල් තමයි, කියන්නෙ එක ඥාණවන්ත ඉබ්බෙක් දඩයම් කාරයන්ට අහුවෙලා ඉබ්බාව එයාලගෙ ගෝත්රික නායකයා ලඟට ගෙනියන දවස වෙනකල් ඉබ්බා බොහොම සතුටින් ගොඩබිම වාසයකලා.

දවසක් දඩයක්කාරයෝ වගයකට ඉබ්බෙක් හම්බ උනා. දඩයක් කාරයෝ ටික මේ ඉබ්බාව අල්ලා ගත්තා. ඉබ්බාව එයාලගෙ නායකයා ලඟට ගෙනිච්චා.

එයාටත් හරිම සතුටුයි. ඉබිමස් හරිම රස කෑමක් කියනවනේ. නායකයා අහනවා දඩයම් කාරයන්ගෙන් කොහොමද? අපි මෙයාව උයන්නේ කියල. ඉබ්බා එක පාරටම කට ඇරලා කියනවා " . .. ඒකට නම් මාව ඉස්සරවෙලා මරන්න ඕනෙ. ඊට පස්සෙ මගෙ මස් ටික එළියට අරගන්න ඕනෙ " කියල. එතකොට එතන හිටපු හැමෝම කෑගහන්න ගත්තා '' ආ ....එහෙනම් අපි පොලු වලින් ගහල මෙයාව මරල කටුව කඩමු " කියල.


"අපෝ ඒක නම් හරියන්නෙ නෑ. මගෙ කටුව හරිම තදයි. නරකද මාව වතුරේ ගිල්ලවල මැරුවොත්, එතකොට කටුවත් බුරුල් වෙයිනෙ" ඉබ්බා කිව්වා.


" ම් ....ඒක නම් කදිම අදහසක්" නායකයා කිව්වා.


"එහෙම නම් කට්ටියක් මූව අර විලට ගිහින් ගිල්ලවන්න, අනෙක් අය ලිපක් අවුලනවා හොදා මූව පුච්චන්න" කියලා නායකයා උපදෙස් දුන්නා.


ඔන්න ඉතින් කටිටියක් ඉබ්බාව උස්සගෙන විලට ගියා. අනෙක් අය ලිපක් හදලා කෝටු කෑලි තියාගෙන ඉන්නවා ඉබ්බාව පුළුස්සන්න. ඉබ්බාව විලට අතහැරලා දැන් බලාගෙන ඉන්නවා බොහොම සතුටින් ඉබ්බා දියේ ගිලෙන කල්. ඔන්න ඉතින් ටික වෙලාවකින් කොළපාට ඇස් දෙකක් හිමිහිට විලෙන් එළියට ආවා.

"අනේ! මෝඩ මිනිසුනේ, නුඹලාගේ හැලිවලං එහෙම ඉක්මනින් එලියට එහෙම ගන්න එපා, ඉබිමස් කන්න" කියල ඉබ්බා වේගයෙන් ඈතට, ඈතට පිහිනලා ගියා.

ඉබ්බා හිතා ගත්තා මීට පස්සේ වැඩි කාලයක් වතුරේම ඉන්න එක හොඳයි කියලා.

එදා ඉදලා ඉබ්බා වැඩිහරියක් ඉන්නේ වතුරේම තමයි.

මේ කතාවට හරිම සමාන කතාවක් අපේ රටෙත් තියෙනවා නේද? දුවල පුතාල අම්මගෙන් කතාවත් අහල දැනගන්න හොඳද? නරියා ඉබිමස් කාපු හැටි එහෙම.

7 comments:

  1. ඉබ්බා වතුරේ ඉන්න හේතුව කියන මේ කතාව බොහෝම රසවත්. තැනේ හැටියට නුවණ පාචිච්චිකර ඉබ්බා දිනුවා.

    චන්දි නැන්දාට බොහෝමත්ම ස්තුතියි.

    ReplyDelete
  2. ඉබ්බ දියට දැම්මම ඇන්නෑවේ කිව්වලු

    ReplyDelete
  3. ඉබ්බා දියට දාන්න හදනකොට දැන්නෑවෙ කීවලු...

    ReplyDelete
  4. 2012 වසර නංගිලා, මල්ලිලා, දුවල සහ පුතාල හැමටම වාසනාව සම්පත පිරුණු නිදුක් නිරෝගී සුවයෙන් පිරුණු වසරක් වේවා!

    ReplyDelete
  5. දන්න කතාවක්නේ බොල ඉබ්බියේ. අපි ඉත්කෝලේ යනකාලේ කෙල්ලන්ට කීවේ ඉබ්බි කියලා. හැබැයි උන්ට වතුර අරහං.. :)

    බුක් මාර්ක් පාරක් දාගෙන මේ පැත්තේ ආවේ. ආයෙත් එන්න හිතාගෙන.

    ජය...

    ReplyDelete
  6. @ sAm sRi;
    ඔහොම ඉබ්බොත් ඕනෙ තරම් ඉන්නවනේ. අයෙත් එන්න කො ඉතින්.

    ReplyDelete
    Replies
    1. ඔන්න ආවා එහෙනම්. අලුත් කතා දෙකම බැලුවා ;)

      සෑමාගේ කතා බලන්නේ නැතෙයි ?

      Delete