ඔන්න එකෝමත් එක කාලෙක කතාවක් කියන්නයි යන්නේ.දැනට අවුරුදු සියක් කාලෙකට එහා පුංචි සාගර දූපතක හිටියා මහලු ධීවරයෙක් . දන්න කියන කාලෙක ඉඳලා පරම්පරාවෙන් පරම්පරාවට පුරුද්දෙන් මුහුදු ගිහින් මාලු මරන් ගොඩට ඇවිදින් විකුණලා කීයක් හරි යොයාගන්න එක තමයි එයාගේ රස්සාව.ඔය සාගර දූපතේ හිටි කොයි කාගෙත් කතාව ඔහොමයි .මුහුදු ගිහින් උපය ගන්න දේකින් එදා වේල ගැටගහගෙන චාමෙට ජීවත්වෙනවා .
අපේ මේ ධීවරයට හිටියා තරුණ පුතෙක් .පුරුද්දෙන් පරම්පරාවෙන් තාත්තගේ රස්සාව කලාට මොකෝ එයාට නම් සාගර දූපතේ තනිවෙලා ඉන්න ඒ හැටි කැමැත්තක් තිබුණේ නෑ .තාත්තත් දැනගෙන හිටියා පුතණ්ඩියා දූපතට කොටු වෙලා ඉන්න වැඩි මනාපයක් නැතිවග . ඔන්න ඉතින් තාත්ත හිතූ විදියටම එක දවසක පුතා මේ සාගර දූපත අතෑරලා එයාගේ වාසනාව සොයාගෙන , අලුත් ලෝකෙකට යන්න ඕනෙ කියලා තීරණය කලා .වයසක තාත්තා පුතාගේ අදහසට බාධා කලේ නෑ. ඔය තීරණේ ගත්තු දා ඉඳන් දෙමාසයක් යනකන් පුතා ගමනට සූදානම් වුණා . ඉස්සෙල්ලම හොඳ පුංචි රුවල් ඔරුවක් හදාගත්තා . සාගරේ තරණය කරගෙන දේශ දීපංකරේ යන්න නේ කල්පනාව .ඊලඟට දෙතුන් මාසෙකට උවමනා කෑම බීම ඩිංගකුත් පුලුවන් විදියට සොයාගෙන ඔරුවේ ගබඩා කලා .
අන්තිමටම ගමන පිටත්වෙන දවස ආවා .ඒ කියන්නේ පුතා තාත්තගෙන් සමු අරගෙන එයාගේ අලුත් ලෝකෙ හොයාගෙන යන දවස .දරුවෙක් මෙහෙම ඉරණම් ගමනක් යනකොට හැම තාත්තෙකුටම ලොකු දුකක් ,බයක් දැනෙනවනේ .ඒ වගෙම තමයි දරුවන්ටත් නොපෙන්නුවට දුකයි.ඒත් තාත්තල දාල යන්න වෙනවා .ඒක ලෝක සොබාවෙ කියලා හිතලා මේ තාත්තයි පුතයි තමන් හැමදාම මුහුදු ගිය සාගර දූපතේ පුංචි වරායට ගියා සමුගන්න අන්තිම වතාවට. එදාවෙල හරි හම්බ කරගත්තු තාත්තට පුතාවෙනුවෙන් දෙන්න සල්ලි බාගේ ,වස්තුව තිබුණේ නෑ .පුතත් දැනගෙන හිටියා තාත්ත සල්ලිකාරයෙක් නොවෙන වග .ඒ නිසා මහලොකු යමක් තාත්තගෙන් බලාපොරොත්තු නොවුනත්, ගමනට එයාගේ ආශිර්වාදය බලාපොරොත්තු වුණා. ඔන්න ඉතින් සේරම ලෑස්තිකරලා රුවල් ඔරුව දියත්කරන්න යද්දී පුතාව වැලඳගෙන සුබ පැතුව තාත්තා එයාගේ අතට ලොකු තල්මහෙක්ගේ මාලු කටු තුනක් දීලා කිව්ව "මේවා පරිස්සමින් තියාගන්න , නැතිකරගන්න එපා ,ජීවිතේ හැමදාම ඕනෙ වේවි .අමතක කරන්න එපා"කියලා .

"හ්ම්.... තල්මහෙක්ගේ කටු කෑලි වලින් මොනව කරන්නද?" කියලා හිත හිතා අර ඉලංදාරියා ධීවරයගේ මූණ බැලුවා ප්‍රශ්නාර්ථෙකුත් එක්ක . පුතාව තේරුම ගත්ත තාත්තා ඒයින් එකක් අරන් මෙහෙම කිවා .
"පුතේ මේක නුඹේ හකු කටුව -Jaw Bone හා සමානයි . නැතිකරගන්න එපා .මතක තියාගන්න කොයි දේස දීපංකරේ ගියත් කවදා හරි දවසක සත්‍ය කතා කරන්න , හොඳ වචන කතා කරන්න මේ හකු කටුව නුඹට උදවු වේවි කියලා" .
ඉතින් පුතා අහනවා "එතකොට තාත්තේ මේ අනික් ඇට කටු ?"
තව මාලු ඇට කෑල්ලක් අතට ගත්තු ධීවරයා කියනවා "මේක නුඹේ කොඳු ඇටය -Back Bone හා සමානයි .මතක මතක තියාගන්න මේ කොඳු කටුව තියෙනතාක් කල් නුඹට අයුක්තිය , අසාධාරණේ , ඉස්සරහ නැවෙන්න ඕනෙ වෙන්නේ නෑ.හැබැයි යුක්තිය , නිවැරදි දේ වෙනුවෙන් හිස නවන්න ,එකඟ වෙන්න .තමන්ගේ නිවැරදි මතය වෙනුවෙන් බය නැතුව නැගී හිටින්න "කියලා .
ඒ අවවාදයත් හිස් මුදුනෙන් පිලිගන්න පුතා අහනවා අන්තිම මාලු ඇට කෑල්ල පෙන්නලා "තාත්තේ එතකොට මේ මොකද්ද "?කියලා .
ඒ අවවාදයත් හිස් මුදුනෙන් පිලිගන්න පුතා අහනවා අන්තිම මාලු ඇට කෑල්ල පෙන්නලා "තාත්තේ එතකොට මේ මොකද්ද "?කියලා .
"මේ නුඹේ පැතුම් කටුව- Wish Bone . මොන තරම් අසරණ වුනත් , වස්තු සම්පත් ,යාලුවො නැති වුනත් ,ජීවිතේ එපා වෙන තැනට ආවත් මේ පැතුම් කටුව අතාරින්න නම් එපා .ප්‍රාර්ථනා , බලාපොරොත්තු තමයි යම් දවසක නුඹව අලුත් ලෝකෙකට ගෙනියන්නේ "කියලා .
ඉතින් ඔය කටු තුන පිලිගත්තු පුතා සාගර දූපතෙන් තාත්තට සමුදීලා සතුටින් නික්ම ගියා කියල තමයි කියන්නේ .
මම හිතනවා මේ කතාවෙන් දෙන ආදර්ශය හොඳ පුරවැසියන් හැටියට දරුවන්ගේ ජීවිත හැඩගස්වාගන්න උදවු වේවි කියලා . මොනතරම් බාධක , වැටීම් , කරදර ආවත් ජීවිතේ බලාපොරොත්තු ,ප්‍රාර්ථනා නැති කරගන්න එපා කියන එක(Wish Bone ) හරි ලස්සන අදහසක් .මේ කතාව මට කියලා දුන්නේ කාලෙකට කලින් මගේ ශිෂ්‍ය උපදේශක වරයෙක් විදියට හිටි ගුරුතුමෙක්
TG මාමට ගොඩක් ස්තූතියි! අපේ දුවල පුතාලට හොඳ ආදර්ශමත් කථාවක් ලිව්වාට. ඇත්ත ජීවිතය ජීවත් කරන්නෙ බලාපොරොත්තු. අපි කවදාක වත් බොරුවෙන් ජීවත් වෙන්න හොඳ නෑ. සත්‍ය කතා කරන්න ඕනෙ. ඒ වගේම භාධක අභියෝග හමුවේ නොසැලී ඉන්න අපිට ශක්තියක් තියෙන්නට ඕනෙ. මේව හොඳට හිතට අරන් සමාජයට වැඩදායී දරුවන් හැටියට ලෝකෙම බබලවන්නට ඔයාලට ශක්තිය ලැබේවා.
ReplyDeleteස්තුතියි චන්දි . පොඩි නිවැරදි කිරීමක් ආයෙමත් .TG කියන්නේ මාම කෙනෙක් නෙවේ :)pls check my profile .
ReplyDeleteබලාපොරොත්තු මිනිසා ජීවත් කරවයි කියලා කථාවක් තියෙනවනේ.....
ReplyDeleteබොහෝම ආර්ශමත් කතාවක් දිගටම ලියන්න ජය වේවා
ලොකු අයටත් නරක නැහැ
ReplyDelete@ TG;
ReplyDeleteඅයියෝ, මාත් නොදැන කල වරදට සමාව දෙන්න නංගී. නමෙන් මම හිතුව මිසක් ඔයාගෙ විස්තර හෙව්වෙ නෑනෙ. දැන් මට අහස්ගව්වටත් ගොඩ වෙන්න පුලුවන්. ස්තූතියි ! දැනුවත් කිරීමට .
හ්ම්ම්.. ආදර්ශමත්.... මරු
ReplyDeleteහොඳ ආදර්ශයක්....
ReplyDeleteවැදගත් ලිපියක්....
ReplyDeleteගොඩාක් වැදගත් ලිපියක්
ReplyDeleteසිරා !
ReplyDeletebeautiful!
ReplyDeleteI came again 2 the blog world.... If you have much time, please visit my blog dear..
ReplyDeleteහරිම ලස්සනයි. මාත් ඔන්න අද ඉඳල ඉන්නම් ඔයාල එක්ක. ස්තූතියි.
ReplyDeleteකතාව නම් හරිම වැදගත්.... පොඩි අයට විතරක් නෙවෙයි, ලොකු අයටත්....
ReplyDelete