හොඳම දේ දරුවන්ටයි

මේ බ්ලොග් අවකාශය දූලා, පුතාලට කියවන්ටයි.
ලියන්නේ නැන්දල, මාමල.

Thursday, September 29, 2011

අම්මා, ඔබ මට ආදරේද?

අම්මා, ඔබ මට ආදරේද?

මගේ ආදරණීය පොඩිත්තො, ඔව් මම ආදරෙයි!

කොතරම් ආදරේද?

කෑදර කපුටා උගේ නිධානයට ආදරය කරනවාටත් වඩා මම  ආදරෙයි
බල්ලකු උගේ නැට්ටට ආදරය කරනවාටත් වැඩියෙන්
තල්මසකු උගේ කෙමියට ආදරය කරනවාටත් වැඩියෙන්


කවදා වෙනතුරුද?                                     
 

ඔරු අඳුරට ඉගිල යනතුරු මම ඔයාට ආදරෙයි.
තරු අහසේ මාළුන් බවට පත්වෙන තුරුම
ප‍ෆින් කුරුල්ලා හඳේ උඩු බුරනා තුරුම

අම්මා, මා ‍රැගෙන ගියොත් අපේ බිත්තර,
අපේ ටර්මිගන් කුරුළු බිත්තර !
මම පරිස්සම් වෙන්න උත්සහ ක
ත්
මම හිමින් ඇවිදින්න උත්සහ කත්
නමුත් මා බිම වැ‍ටුනොත්
බිත්තර ටික බිඳුනොත්?

එවිට මම පසුතැවේවි                                    
නමුත් තවදුරටත්
මම ඔයාට ආදරය කරාවි

මම සැමන් මත්ස්‍යයකු ඔබේ ලෝගුවට දැමුවොත්
සුදු ලොම් ඇති මුගටියකු ඔබේ අත් මේස් තුළටත්
ලෑටි ගාන්නකු ඔබේ හිම සප්පත්තු වලටත්?

එවිට මට තරහ යාවි


මම අපේ පහනට වතුර විසි කළොත්?

එවිට මගේ ආදරණීය පොඩිත්තො,
මට ගොඩාක් තරහ යාවි
නමුත් තවදුරටත් මම ඔයාට ආදරය කරාවි

මම ගෙදරින් පැන ගියොත්?

එවිට මම වද වේවි.

මම දුරට ගොස් වෘක්කයන් සමඟින් ගී ගයමින් ගුහාවක නිදා ගත්තොත්?

විට මගේ ආදරණීය පොඩිත්තො, මම බොහොම දුක්වේවි.
නමුත් තවදුරත් මම ඔයාට ආදරය කරාවි

මම කුළු මීමකු බවට පත්වූවොත්?

විට මා පුදුමයට පත්වේවි

මම මුහුදු ඇතකු බවට පත් වූවොත්?

එවිට මා පුදුමයට ප
ත්වේවි, ඒ වගේම  තරමක් බය වේවි

මට තියුණු,දිලිසෙන දත් තිබුනොත්?
මා ඔබ ඔබේ කූඩාරම තුළට ලුහුබැන්දොත්?


එවිට මා බොහොම පුදුමවේවි ,බොහොම බියවේවි
නමුත් තවදුරටත්,හිම වලසා තුළ ඔයා ඔයාමවේවි
මම ඔයට ආදරය කරාවි.
මම ඔයාට සදාකාලයටම, සෑමවිටකම ආදරය කරාවි.
මොකද, ඔයා මගේ ආදරණීය පොඩිත්ත නිසා....


බාබරා එම්.ජෝස් ගේ "Mama,Do You Love Me" පොතේ අනුවාදයකි.

9 comments:

  1. රෝස කුමාරි නැන්දේ, හරිම අපූරුයි.
    නැන්දල, මාමල පුංචිත්ත වෙනුවෙන් කරන දායකත්වය ගැන පුංචිත්තට හරි සතුටුයි. මේ කතන්දරේ කියෙව්වම පුංචිත්තට හිතුනේ මේ රතු ඉන්දියන් අම්ම කෙනෙකුයි දුවෙකුයි වගේ. පුංචිත්ත හරිද, රෝස කුමාරි නැන්දේ?
    දරුවෙක් මොන වැරද්දක් කලත් අම්ම කෙනෙක්ගේ ආදරය අඩු වෙන්නෙ නෑ නේද, නැන්දේ?

    ReplyDelete
  2. රෝස කුමාරි පුංචිත්තාට අපූරු තෑග්ගක් දීලා තියෙන්නේ, සුබ පැතුම්!

    ReplyDelete
  3. ලස්සන කතාව රෝස කුමාරි . මමත් රස වින්දා . මුල් ඉංග්‍රීසි පොත සොයන් කියවන්න ඕන .

    ReplyDelete
  4. මේ කතාවට පාදක වෙලා තියෙන්නෙ ඇලස්කාව.... අම්මාගේ ආදරයේ සීමා මායිම හොයගන්න තමා මේ පුංචි දැරිය උත්සහ කරන්නෙ.ඒඋනාට අම්මගේ උත්තරවලින් අම්මාගේ ආදරය මැනල ඉවරකරන්න බෑ කියලතමාකිය වෙන්නෙ.

    බොහොම ස්තූත්යි හැමෝටම.

    ReplyDelete
  5. @බින්දි- බින්දි අක්කා, මෙයාම ලියපු "papa do you love me" කියල පොතකුත් තියනව.පොත් දෙකම පුස්ත කාලයෙන් හොයාගන්න පුළුවන් වෙයි.ලස්සන පින්තූරත් එක්ක තියන පොතක්.

    ReplyDelete
  6. රෝස කුමාරි නැන්දා ලස්සන කතන්දරයක් කියලා, බොහොම ස්තූතියි

    ReplyDelete
  7. රෝස කුමාරි නැන්දේ අම්මල තාත්තලාගෙ ආදරය කවදාවත් මනින්න බැහැ නේද? බුදුහාමුදුරුවෝ අපිට කියල තියෙනවානේ මහ මුහුදු හතක් කරතියාගෙන පිහිනුවත්, කල්ප කාලයක් බැලමෙහෙවර කලත් ඒ සෙනෙහසට නය ගෙවන්නට බැහැ කියල. නැන්දේ කථාව හරිම පංකාදුයි. අපේ දරුවන්ට විශ්ව සාහිත්‍ය කියවන්නට මෙහෙදීම ලැබේවි. බොහොම ස්තූතියි ඔයාල දෙන්නටම.

    ReplyDelete
  8. හරිම ලස්සන කතාවක්... ගොඩක් ආසාවෙන් කියෙව්වේ.....

    ReplyDelete