හොඳම දේ දරුවන්ටයි

මේ බ්ලොග් අවකාශය දූලා, පුතාලට කියවන්ටයි.
ලියන්නේ නැන්දල, මාමල.

Wednesday, June 27, 2012

සිරිත් මල්දම




ඔන්න දුවේ පුතේ අද නැන්දා කියල දෙන්නෙ ලස්සන ආදර්ශවත් කවි ටිකක්.  මේ කවි "සිරිත් මල්දම" කියන පොතෙන්.  ලියල තියෙන්නෙ එල් එම් සිල්වා ගරු මුහන්දිරම් තුමා.

මහත් සෙත්                 වඩමින
සිරිත් මල්දම               බලමින
සිරිත් හොඳ              දැනගෙන
මහත් යසසිරි  ලබනු දෙලොවින

මහත්වූ සෙතක් සලසන සිරිත් මල්දම කියවා දෙලොවම සැප ලබාගන්න. 


හොඳ ලෙස            හැදීමට
හොඳසිත ඕනෑ        හැමවිට
නරක සිත්              ඇතිවිට
නරකමයි සිදුවන්නෙ අපහට

හොඳ දරුවෙකු ලෙස හැදීමට හොඳ සිතක් ඔයාලට තියෙන්න ඕනෙ. නරක සිත් ඇති අයට සිදුවෙන්නෙ නරකක්ම තමයි.



නරක සිතින්                      නම්
හොඳක් නොකලැකි       කිසියම්
හොඳක් නොකලේ              නම්
උපන් ගතියෙන් නැත පලක් නම්

නරක සිතින් කිසිවිටෙකත් හොඳක් කල නොහැකියි. හොඳ දේ නොකරන්නේ නම් ඔබ මිනිසෙක් ලෙස ඉපදීමෙනුත් පලක් නැත.




පව්නම්                           නරකමය
එයින් දෙලොවෙහි              දුකමය
පින්නම්                          උතුම්මය
එයින් දෙලොවෙහි මහත්    සැපමය
  

පව් කිරීමෙන් මෙලොවට මෙන්ම පරලොවටද සෙතක් සිදු නොවේ. උතුම් වූ පින් කිරීමෙන් දෙලොවටම වැඩ සිදුවේ.




තමන් පණ ලෙස              හැම
සතුන් ගැන සලකා           පෙම
ඔවුන් දුටු                     විලසම
කරන් ආදර ගුණය නො   හැරම

අහිංසක සතුන්ගේ පණ තමන්ගේ පණමෙන් සලකා ඔවුන් දුටු තැන ඔවුන්ට කරුණාව දක්වන්න.

4 comments:

  1. බොහෝම වැදගත් ඔවදන් කැටිකොට ලියවුන වටිනා සාහිත්‍ය කෘතියක් පුංචිත්තා වෙත ගෙන ආ චාන්දි නැන්දාට බොහෝම ස්තුතියි.

    සිරිත් මල්දම කෘතිය සුබස පොත්ගුලෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවනි, මෙන්න ලින්ක් එක:

    http://www.subasa.lk/pothgula/download.php

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ! ඩීන් මල්ලී. මෙම කවි ටික දිගටම ලියන්න බලාපොරොත්තු වෙනවා. දුවල පුතාලට කියවන්න හොඳ නිසා. ඔබ කීවා වාගේ අවශ්‍ය කෙනෙකුට ඒ ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවනි.

      Delete
  2. තුති. කඩ පාඩමින් දනිමි

    ReplyDelete
  3. 'සිරිත් මල්දම' කලකට ඉස්සෙල්ලා දරුවන් වෙනුවෙන් සරලව ලියවුනු අපූරු කවි ටිකක්. පුංචිත්තාට එක් කලාට චාන්දිට ස්තුතියි!

    'සුභාෂිතය', 'සකස්කඩ' වගෙ පැරණි පොත් කීපයකම අලුත් මුද්‍රණ ඇවිත් තිබිලා මම මේ ලඟදි කොලඹ ගුණසේන පොත් සාප්පුවෙන් ගත්තා. ඒ පොත් දකින්න ලැබෙන එකත් සතුටක්.

    ReplyDelete