හොඳම දේ දරුවන්ටයි

මේ බ්ලොග් අවකාශය දූලා, පුතාලට කියවන්ටයි.
ලියන්නේ නැන්දල, මාමල.

Sunday, June 29, 2014

ගිරිදත්ත ජාතකය

හුඟක් කාලෙකින් තමයි ඔන්න දුවල පුතාල බලන්න එන්න ලැබුනෙ. එකට අමනාප නැහැනෙ.  අද නැන්ද කියන්නෙ ගිරිදත්ත ජාතකය. 


ඔන්න එක්තරා කාලෙක බරණැස් නුවර සාම කියල රජෙක් හිටියා. ඒ රජතුමාට පාංඩව කියල අශ්වයෙක් හිටියා. අස්සයාව බලාගන්න අස්ගොව්වාගෙ නම තමයි ගිරිදත්ත. අශ්වයාට කටකලියාව එහෙම පළඳවලා සෑදලය එහෙම දාල මේ අස්ගොව්වා අශ්වයාගෙ ඉස්සරහහින් යනවා. ගිරිදත්තගෙ  එක කකුලක්  ටිකක් කොටයි. එයා ඉතින් ඇවිදින්නෙ කොරගගහ. දන්නවනෙ කකුල කොට උනාම ටිකක් නොන්ඩි ගහල තමා ඇවිදින්නෙ. අනේ ඉතින් මේ අශ්වයා හිතුවා මේ අස්ගොව්වා කොර ගහමින් යන්නෙ මට මේ වාගෙ ඇවිදින්න උගන්වන්න කියල එයත් ඒ විදිහට අනුකරණය කරමින් ඇවිදින්න ගත්තා. 

දුවල පුතලත් එහෙම අනුකරණය කරනවනෙ නේද, සමහර වෙලාවට අම්මගෙ අඩි උස සපත්තු එහෙම දාල යන්නෙ, අන්න ඒවාගෙ  මේ අශ්වයාත් එහෙම ඇවිද්දෙ.  

ඉතින් මේ අශ්වයා කොරගහන බව රජතුමාටත් දැන ගන්න ලැබුනා. රජතුමා මහ ඇමති කැදවලා මේ ගැන කියලා මොන ලෙඩක් නිසා මෙසේ කොර ගහනවාද? කියලා සොයා බලන්න නියම කලා. ඉතින් මහ ඇමතිතුමා වෙදදුරාත් සමඟ මේ ගැන විමසා බලන්න කියලා අශ්වගාලට ගියා. මේ අශ්වයාට කිසිම ලෙඩක් නැතිබව වෙදදුරා කීවා.

තව දුරටත් විමසා බලනවිට සියල්ලන්ටම හේතුව තේරුම් ගියා. ඒකට හේතුව තමා අස්ගොව්වා කොර ගහන නිසා අශ්වයාටත් ඒක පුරුදු වූ බව.  මහ ඇමතිත් වෙදදුරුත් රජතුමාට මේ බව දන්වා සිටියා. රජතුමා අස්ගොව්වා ඉවත්කර වෙන අස්ගොව්වෙක් අශ්වයා බලාගන්න යෙදෙව්වා. ටික දවසක් යන කොට අශ්වයා කොරගැසීම නවතා හොඳින් ඇවිදින්න පටන් ගත්තා.


ඔන්න බලන්න දුවේ, පුතේ යම් කෙනෙක් නරක අය ආශ්‍රය කරන කොට ඒ අයට පුරුදු වෙන්නෙ නරක ගතිගුණයි. හොඳ අය ආශ්‍රය කරන කොට ඒ අයට පුරුදු වෙන්නෙ හොඳ ගතිගුණයි. අපිත් දියුණු වෙනකොට නරක ගති තියෙන අය අත්හරල හොඳ ගති තියෙන උත්සාහ වන්ත අය ඇසුරු කරන්න හිතට ගන්න ඕනෙ. 

11 comments:

  1. මීට කලින් ලියපු කතා දෙක තුනකම ප්‍රින්ට්අවුට් මං කොල්ලට ගිහින් දුන්නා කියවන්න කියලා.. මේකටත් ඒකමයි කරන්නේ.. ස්තුතියි චාන්දි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දේශකතුමා. මේ තමයි මට ලැබෙන ශක්තිය.

      Delete
  2. පොඩි දුවට හරිම අගෙයි ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි! නලින් මල්ලි. ශක්තියක් මේ වචන ටික.

      Delete
  3. මම මේක කලින් දැනන් හිටියේ නෑ.. ඒ හන්දා ඔන්න මටත් වටිනවා මේක..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි! දිනේශ්. දැන් ඉතින් හැමදාම ඒවි නේ.

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. හොඳ ආදර්ශවත් කතාවක්. ඉලන්න බොහෝදේතියෙනවා. ළමයින්ට විතරක් නෙවේ වැඩිහිටයන්ටත් කදිමයි

    ReplyDelete
  6. බොහොම ස්තූතියි! දයා මල්ලි. දැන් දරුවන්ට මේවා ඇහෙන්නෙ නෑනෙ. ඉස්සර අපි පොඩිකාලෙ අත්තම්මා , සීයා , පන්සලේ ලොකු හාමුදුරුවන් ජාතක පොත නිතර නිතර කියෙව්වානෙ අපිට.

    ReplyDelete
  7. මේ ලොකු අකුරු එක්ක කථාව කියවද්දි පුංචිම කාලෙ ලොකු අකුරු එක්ක කියවපු කතන්දර පොත් මතක් උනා. ඉතාම අගය කරනවා අක්කෙ ඔබේ මේ පොඩි අය වෙනුවෙන් ලියන්න ගන්න උත්සාහය. නිතර ලියන්න.

    ReplyDelete
  8. බොහොමත්ම ස්තූතියි සිරා මල්ලි. කාලය නොවැ හරහට ඉන්නෙ.

    ReplyDelete