සෙල්ලම් සිතින් වත්
යම් කිසි තරහකින් වත්
මරණ සිතකින් වත්
සතුන් හට වද දීම නොහොබිත්
තරහට වත් සෙල්ලමට වත් අහිංසක සතුන් හට වද දෙන්න යන්න එපා.
නොමින් දුක් විඳිමින
අනුන් සෙව් දන මිල දැන
හොරෙන් නො ගනුව පැන
සිතත් කැබලිති ලෙසින් ඒ ගැන
කෙලවරක් නොමැති දුක් විඳිමින් අනුන් සොයා ගත් මිල මුදල් වටිනාකමින් තොර දේ ලෙස සලකා හොරෙන් නොගන්න.
අනුන් ගෙන් නැති වුණ
දෙයක් ලැබුනොත් යම් දින
එය සඟවා නො ගෙන
දෙන්ට කරණා කරන් සතුටින
වෙනත් කෙනෙකුගේ නැතිවූ දෙයක් ලැබුණ හොත් එය සඟවා නොගෙන සැබෑ අයිති කරුවාට ලබා දීම උතුම් ය.
කුණු සරුප නො කියනු
කේලම් වචන නො කියනු
විහිලු බොරු නො කියනු
ඇනුම් පද කිසිවෙකුට නො කියනු
කිසිම කෙනෙකුගේ සිත් රිදවන පරිදි, රැවටෙන පරිදි කිසිවිටෙකත් කේලම් බොරු විහිලු නොකරන්න.
බොරු කීම කැතමය
ගැරඩි කුණටත් නො සමය
ඇත්ත නම් කදිමය
මෙලොව රජ සැපටත් උතුම්මය
බොරු කීම මියගිය ගැරඩියෙකුගේ මළකුණටත් වඩා කැත දෙයකි. ඇත්ත කීම රජ සැපටත් වඩා උතුම්ය.


