ඉස්සරම කාලේ බල්ලයි නරියයි ජීවත්වුනේ මහ කැලෑවෙ. මේ දෙන්නා එකම සහෝදරයො වගේ හරිම සමඟියෙන් එකතුවෙලා දඩයමේ ගිහින් එක කෑමවේල බෙදාගෙන කාල එකට එක ගෙදර රෑ නිදියගෙන සතුටින් හිටියා. ඔන්න ඔහොම ඉන්න අතරේ එක දවසක් කෑමට කිසිම දෙයක් දෙන්නාටම ලැබුනේ නෑ. රෑ වෙන්න ලොකු වැස්සකුත් ආවා. දැන් නම් බල්ලට හරිම බඩගිනියි.
"අනේ, මටනම් හරිම බඩගිනියි, සීතලත් ඉවසන්න බැහැ" කියල බල්ලා කෙදිරි ගෑවා. "
"ඔන්න ඔහෙ නිදියා ගනිමු. උදේට බැරියෑ මොනවත් හොයා ගන්න." කියල නරියා කිව්වා. ඒත් බල්ලට නින්ද ගියේම නෑ.
බල්ලගෙ ඇඟේ නරියගෙ තරම් ලෝම තිබුනෙ නැති නිසා එයාට සීතල තදින්ම දැනුනා. එයා එළියට ඇවිත් බලන කොට ඈතින් පුංචි එළියක් පෙනුනා." අර එළිය නම් ගිනිගොඩක වෙන්න ඕනේ. ඒක මිනිස්සු ඉන්න ගමක් වගේ. අපිටත් හීතල ඇර ගන්න ගින්දර ටිකක් අරං එන්න නරිහාමිට පුලුවන් නේ, උඹ හරිම හපනනේ" කියල බල්ලා නරියාට කිව්වා. "මට නම් එහේ යන්න බැහැ, උඹට ඕනේම නම් උඹටම යන්න බැරියෑ. කියල නරිය නිදා ගත්තා. ‘එතන රස්නෙත් ඇති, අහක දාන කෑමත් ඇති’ කියල හිතන කොට බල්ලට තවත් බඩගිනි වැඩි උනා." මට නම් මේ හීතලයි, බඩගින්නයි ඉවසන්නම බැහැ. මම එහෙම නම් ගිහින් ඔයාටත් එක්ක කෑම ටිකක් අරන් එන්නම්. හැබැයි මට එන්න පාර එහෙම වැරදුනොත් ඔයා එන්න ඕනෙ" කියල බල්ලා එළියට බැස්සා.
ඉතින් බල්ලා හිමිහිට බඩගාගෙන වගේ යනකොට කුකුළෙක් ඇඬලුවා. ඒ සද්දෙට ගෙයින් එළියට ආව ගෙහිමියා "ආ ... බලුනයිදේ.........හොරකම් කරන්න නේද මේ මහ රෑ මෙහෙට ආවෙ" කියල බල්ලාව අල්ලා ගත්තා.
"අනේ මාව මරන්න එපා! මම කාටවත් වැරැද්දක් කරන්නේ නෑ. අදට විතරක් මට සීතල ඇරගන්න ගිනිමැලේ ළග ඉන්න දෙන්න. මට අනුකම්පා කරල ඉඩදෙන්න. මම ඊට පස්සෙ කවදාවත් කරදර කරන්නෙ නෑ" කියල බල්ලා පිංසේන්ඩු උනා.
මිනිහාටත් බල්ලා කියාපු විදිහට දුක හිතුනා. "හොඳයි එහෙම නම් හෙට උදේම ගමේ කාටවත් කරදර නොකර යන්න ඕනේ" කියල මිනිහ අවසර දුන්නා.
බල්ලාත් හොඳින් ඇඟ රත්කරගන්න ගමන් අහක දමාපු මස් කටුවකුත් හොයාගෙන ලෙවකකා හිටියා. රෑ මැදියමේ මිනිහට ඇහැරුනා, "තාම ගියේ නැත්ද? " කියල බල්ලගෙන් ඇහුවා.
''අනේ, මම තවත් ටිකක් ඉන්නම්" කියල බල්ලා කිව්වා. අන්තිමේ දෙන්නාටම හොඳටම නින්ද ගියා.
උදේ ඇහැරුන මිනිහා බල්ලගෙන් ඇහුවා "ඈ …..බලුරාල මොකද ? තාම ගියේ නැත්තෙ" කියල.
"අනේ , මට දැන්නම් හීතල නැහැ. ඒ උනාට ආයෙත් කැලේට ගියොත් මට බඩගින්නෙන් , හීතලෙන් මැරෙන්නයි වෙන්නෙ. මටත් මේ ගෙදරම ඉන්න දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්. මම ඔබට කුරුල්ලො දඩයම් කරන්න උදව් වෙන්නම්. වෙන සත්තු අල්ලා ගන්නත් උදව් කරන්නම්. එතකොට ලෙහෙසියෙන්ම ඔබට ඒව කරගන්න පුලුවන්නෙ. මම මගේ සහෝදර නරියා වගේ ඔබගෙ එළුවොයි කුකුළොයි හොරකම් කරන්නෙ නෑ කියල පොරොන්දු වෙන්නම්. මට ඕනෙ ලිප ළඟට වෙලා ඉන්නයි වීසි කරන මස් කටු කන්නයි විතරයි" කියල බල්ලා ආයෙත් පිංසේන්ඩු වුනා.
බල්ලගෙ ඇස් දෙක දිහා බලපු මිනිහට තේරුනා බල්ලා කියන්නෙ ඇත්ත බව.
"හොඳයි එහෙනම් පොරොන්දු විදිහට ඉන්නවා නම් මම බලුරාළට ඉන්න ඉඩ දෙන්නම් කියල මිනිහා කිව්වා.
ඉතින් ඔන්න ඔය විදිහට බල්ලගෙයි මිනිහගෙයි යාළුකම අද දක්වාම තියෙනවා.
පුංචි පුතාල දුවලට ගොඩාක් කාලෙකින් ලියන්න බැරි උනා. නැන්දට දැන් පුංචි මුණුබුරෙක් ඉන්නවා. එයාත් එක්ක වැඩි කාලයක් ඉන්න ඕනෙ නිසා මගේ වැඩ ටිකක් අතපසු උනා. කොහොම හරි පොඩි ඉඩක් ආවම තමයි ලියන්නෙ. ඒ ගැන ඔයාල මට සමාවෙන්න ඕනෙ.
ReplyDeleteමේ කතාවෙන් හොඳ ආදර්ශයක් අපිට ලැබෙනවා. අපි අපේ අම්මල තාත්තලාට කීකරුව හැදුනොත් අපිට ඒ අය හොඳට සලකනවා. ඒ වගේම අපි ලොකු වෙලා හොඳ රස්සාවල් වලට යනකොට ඒ ස්වාමියන්ට අපි අවංකව සේවය කරන්න ඕනෙ. එතකොට ඒ අය අපට හොඳට සලකනවා. අපේ දියුණුව එතන තමයි තියෙන්නෙ. හැමෝටම වාසනාවන්ත අනාගතයක් පතනවා.
ලස්සන කතාවක් නොවැ ...
ReplyDelete@ රොබින්,
ReplyDeleteබොහොම ස්තූතියි!
පුංචි එවුන්ට වගේම ලොකු අයටත් ඉඳහිටල මේ වගේ කතා වලින් ගොඩක් දේවල් ඉගන ගන්න පුළුවන්
ReplyDelete@ දයානන්ද රත්නායක;
ReplyDeleteහ්ම්.........ඒක නම් ඇත්තම ඇත්තයි.
බොහෝම වටිනා ආදර්ශ කතාවක් පුංචිත්තා වෙනුවෙන් තෑගි කර චාන්දි නැන්දාට බොහෝම ස්තුතියි, පිං.
ReplyDeleteMan's best friend කියලා ප්‍රසිද්ධ ඉංග්‍රීසි කියමනක් තියෙනවා. එය මේ කතාවෙන ලස්සනට පැහැදිලි වෙනවා. ඒ වගේම ලොව පුරා බාෂා බොහෝමයකින් මේ හා සමාන කියමන් තියෙනවා, තවද බාෂා ගනනාවකින් බල්ලා හා මිනිසාගේ මිතුරුකම විඳහා දක්වන චිත්‍රපටි බොහෝමයක් හැදී තියෙනවා.
ස්තූතියි ඩීන් මල්ලි, ඔබ මෙයට සැබෑ වටිනා කමක් දී තියෙනවා. ඇත්ත, අපේ ගෙදරත් එක්කෙනෙක් ඉන්නවා දැන් ඇස් පේන්නෙ නෑ. ඒ උනාට අපි ගෙට ගොඩවෙනකොට දන්නවා අපි ආව කියලා. හරිම හිතවත්. එයා ආශා නෑ අපේ පුංචි මුණුබුරාට නම්. එයා එයාට නම් ඉරිසියා කරනවා.
Deleteඔන්න තව චූටි එකෙක් ආව මේක කියවන්න :)
ReplyDeleteස්තූතියි එකතු උනාට අපිත් එක්ක.
Deleteස්තුතියි චන්දි අක්ක පුන්චිත්තව මතක් වුනාට
ReplyDeleteස්තූතියි බින්දි.
Delete