හොඳම දේ දරුවන්ටයි

මේ බ්ලොග් අවකාශය දූලා, පුතාලට කියවන්ටයි.
ලියන්නේ නැන්දල, මාමල.

Friday, September 30, 2011

ප්‍රස්ථා පිරුළු

ඔන්න මම හා හා පුරා කියලා පුංචි ඔයාලට කියලා දෙන්න හදන්නේ ප්‍රස්ථා පිරුළු ගැනයි.  අපේ සිංහලයන් අතර
ඉස්සර ඉදලම තැනට ගැලපෙන අයුරින් එක එක කියුම් කීමේ පුරුද්දක් තිබුනා.  ඒ වගේ කියුම් උපහාසයට, අපහාසයට වගේම උපදෙස් දෙන්නත් අවස්ථාවේ හැටියට යොදා ගත්තා.  මේ කියුම් වලට තමයි අපි ප්‍රස්ථා පිරුළු කියලා කියන්නේ. මේ ප්‍රස්ථා පිරුළු බොහෝමයකට හේතුවෙලා තියෙන්නේ රසවත් කතන්දරයක්.  ඉස්සර උදවිය මේ ප්‍රස්ථා පිරුළු වලට බොහෝම ඇල්මක් දැක්වූවා.  අදත් ගම්බද තරමක් වයසක කෙනෙක් එක්ක කතාබහේ යෙදුනොත් මේ කියන පිරුළු වලින් දෙක තුනක් වත් අහගන්න පුළුවන්.


අහසේ මාලිගා තනනවා


එක්තරා තරුණ ගොවියෙක් තමන්ගේ ගෙදර හාන්සි පුටුවේ දිගාවෙලා කල්පනා කරමින් හිටියා.
එයාගේ ගෙදර ගේට්ටුව දෙපැත්තේ ඇති මුරුංගා ගස් දෙක කරල් වලින් බරවෙලා තියෙනවා මේ තරුණයා දැක්කා.  “මෙදා නම් මුරුංගා ගස් දෙකම කරල් වලින් බරවෙලා. මේ පලාතටම වෙන මුරුංගා ගස්වල කරල් නැහැ.  මෙදා පාර නම් මුරුංගා විකුණලා මට මුදල් බොහෝමයක් එකතු කරගන්න පුළුවන්.  මුරුංගා වලින්
ලැබෙන සල්ලි වලින් මම එළදෙනුන් හත් අටදෙනෙක් ගන්නවා.  


එතකොට උන් පැටවුන් විසි තිස් ගණනක් බිහි කරාවි. එතකොට එළකිරි විකුණලා මට පවුම් හැට හැත්තෑවක් උපයා ගන්න පුළුවන්. වැඩි කාලයක් යන්නෙම නැතිව තවත් පැටවුන් ලැබෙයි.  එතකොට එළදෙනුන් සියගණනක් මං ගාව ඉන්නවා.  මාගේ මාසික ආදායමත් සිය ගණනක් වේවි.


එතකොට බැරියැයි මගේ තත්වයට ගැලපෙන විවාහයක් කරගන්න.  ගමේ පළවෙනි ගමරාළගේ දූ මගේ බිරිද වශයෙන් ගැලපේවි.  ඈ කැන්දාගෙන එන මගුල් උලෙල බොහෝම ලස්සනට කරන්ට ඕනෑ.  නෑදෑයෝ බදින තොරණ ඇරෙන්න මාත් තොරණක් බදින්න ඕනෑ.  ඒ තොරන මේ පළාතේ වෙන තැනක හැදුවේ නැති තරම් ලස්සන ලොකු එකක් වේවි.  


මේ මුරුංගා ගස් දෙක නිසා මගේ මගුල් තොරණ බදින්ට ඉඩ නෑ.  ඒ නිසා මේ ගස් දෙක කපන්ට ඕනෑ.  මේ විදියට මනෝ රාජ්‍යෙයේ සැරි සැරූ තරුණයා පොරවක් ගෙන ගොස් මුරුංගා ගස් දෙක කපා දැම්මා.  ඉන් පස්සෙයි සිදුවුණ අලාභය ඔහුට වැටහුනේ.  අන්තිමේදී සියලුම යස ඉසුරු බලාපොරොත්තු වුණු මුරුංගා ගස් දෙකත් ඔහුට නැති වුණා.  


සමහරුන්ට මුදල් ලැබුණාම මෙවැනි දේ කරනවා, මෙහෙම ඉන්නවා යනුවෙන් හිතා මනෝ රාජ්‍යෙය් සැරි සරන  අයට මේ ප්‍රස්ථා පිරුල යොදා ගන්නවා.

6 comments:

  1. ගොඩාක් ස්තුතියි පුංචි අපි වෙනුවෙන්ම බ්ලොග් සටහනක් පටන් ගැනීම ගැන.අපි මේ ලිපි කියවනවා , ගොඩාක් ආසයි , ඒ වගේම පාසලට අවශ්‍ය තොරතුරුත් මෙතනින් අපිට ගන්නට පුළුවන් .
    මේ ලියන නැන්දල මාමලාට ගොඩාක් පිං ..
    අපි දෙන්න - දිනිති , මිතිලි

    ReplyDelete
  2. පුංචිත්තා ගෙන් පණිවිඩයක්

    මේ පණිවිඩය පුංචිත්තාට ලිපි ලියන නැන්දලා, මාමලාටයි.

    පුංචිත්තා බ්ලොග් අවකාශය හර බර ලිපි වලින් පිරෙනවා දකින එක තරං පුංචිත්තට තවත් සන්තෝසයක් නෑ. අනේ ඒත් නැන්දේ, මාමේ එක ලිපියක් පලවෙලා පැය ගානක් ඇතුලත තව ලිපියක් පල උනාම ඒ මුල් ලිපිය රසිකයන් අතරට යන්න කාලය මදි වෙනව නේද? එතකොට පොඩිත්තන්ටත් ගොඩක් වටිනා කියන කරුණු කාරනා මග ඇරිල යන්න පුළුවන්. ඒ වගේම මේ තරම් ඉකමනට ලිපි කියවන්නයි ඒවායේ කරුණු ග්‍රහණය කරගන්නයි පුංචි ඈයින්ට කාලෙත් මදි. සමහර විට පුංචිත්තව එපා වෙන්නත් ඉඩ තියෙනවා. ඒක නිසා පුංචිත්ත, ආදරණීය නැන්දලා මාමලා ගෙන් කරුණාවෙන් ඉල්ලන්නේ එක ලිපියක් පළවෙලා අවම වශයෙන් දවස් දෙකක් වත් ගත වෙනකන් අනෙක් ලිපිය පල නොකර ඉමු කියලයි.

    එහෙම නැත්තන් නැන්දලා මාමල ලිපි draft හැටියට සකසලා සම්පූර්ණ කලාට පස්සේ පුංචිත්තාගේ අර පුස්සදේව යෝධයාගේ නමින් තියෙන විද්‍යුත් තැපෑලට දැනුම් දෙන්න. නිසි කාලාන්තරයක් තියල පුංචිත්ත ඒව පළකරන්නන්. ඔයගොල්ලෝ කැමති හොඳ විදිහක් කියන්න.

    නැන්දලා, මාමලා හැමෝටම ස්තුතියි!

    මීට,

    ඔබේ ආදරණීය පුංචිත්තා

    ReplyDelete
  3. මල්මි නැන්දාගේ ප්‍රස්ථා පිරුළු හරිම ප්‍රයෝජනවත් වේවි මේ දුවල පුතාලට. ස්තූතියි මල්මි නැන්දේ.

    ReplyDelete
  4. බින්දි නැන්දාෙග් පුංචිත්තට අදමයි අාෙව්... මම කියන්ෙන් ලිපි සකසලා Schedule කලා නම් හරි... පුංචිත්තට ජය...!!!

    ReplyDelete
  5. පුංචිත්තා වෙනුවෙන් අදහස් දක්වන හැමෝටම ස්තුතියි. පුංචිත්තා සරසන්න දායක වෙන අපි හැමෝටම ඒක ලොකු ශක්තියක්නේ නේද?

    ReplyDelete
  6. Thank you very much " PUNCHITHTHA "
    This blog is very useful to children...
    They can take a new knowledge & fun.
    This has a interest , So I think this is a very useful blog to future soseity's children!...
    Good luck PUNCHITHTHA...

    ReplyDelete