ගායනය - කිංස්ලි ජයසේකර, ප්‍රිසිලා ඕපාත
ගී පද රචනය - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
මොනවද අම්මේ අකුරු ජාතියක්
මල් පෙති වල කවුදෝ ලියලා
කවුරුද අම්මේ මේවා ලියන්නේ
පාට පාට ඉරි හැඩ ගහලා
පුතා දන්නෙ නෑ හඳ ඇති කාලෙට
වනන්තරේ හරි වැඩ කෙරෙතී
බෝසත්වරු බණ කතා කියද්දී
වන දෙවඟනො මල් වල ලියතී
මේ වගෙ ලස්සන පාට අපට නෑ
කොතැනින් මේවා ගෙන එන්නේ
කොහොමද අම්මේ මේව කියන්නේ
මට නෑ මොකවත් තේරෙන්නේ
ඉර පායන කොට ඉර බැස යන කොට
පාට වළාකුළු ඇත අහසේ
ඒවායින් මේ මල් පැහැ ගන්වයි
ඒව කෙරෙන්නේ හොර රහසේ
අම්මෙ අම්මෙ අර පුංචි කුරුල්ලෝ
කිචි බිචි ගා මොනවද කියතී
උන් දන්නව ඇති මේ මල් වල ඇති
පුංචි අකුරු නිතරම බලතී
ඔව් මගෙ සූකිරි පුංචි පුතේ ඔව්
කුරුළු ගීත වල රස මතුවේ
එක එක තාලෙට කියන කියන දේ
මල් කොළ වල තව තව ලියැවේ
බිම බැලුවත් මල් උඩ බැලුවත් මල්
පුංචි කුරුල්ලන් ඉගිලෙනවා
සෑමදාම ඇයි මෙහෙම ම නැත්තේ
මල් ද කුරුල්ලන් කොහි යනවා
බුදු හාමුදුරුවො ඉපැදුණු කාලෙට
කවදත් ඔහොමයි පුතුනි මගේ
මිනිසුන් වාගෙම සත්තුන් වාගෙම
මල් කොළ වලටත් සතුට නැගේ
https://www.youtube.com/watch?
v=I76FWIMrctA
කියවද්දි අහගෙන ඉන්නවා වගේ කනට ගීතය අැහෙනවා...
ReplyDeleteබොහොම ස්තූතියි! ඒ කාලෙ අපි ඉතාම ආසවෙන් කියවපු, අහපු ගීත. අද දරුවන්ට අහන්න නොලැබෙන එකට හරිම දුකයි.
Deleteවැඩි වැඩියෙන් යමක් ලිව්වොත් හොදයි නේද.. 2014 වසරටම ලිපි දෙකයි.
ReplyDeleteඅනේ ඔව් සිරා මල්ලි. මටත් කාලය හරිම අඩුයි. කීප දෙනෙක් නැන්දලා මාමලා ඉන්නවා. කෝ ඒ අයටත් හරියට වැඩ අධිකයි නෙ. දිරිගැන්වීමට ස්තූතියි! පුළුවන් විටෙක ලියන්න උත්සාහ ගන්නම්.
Deleteසමාවෙන්ට මට පේලි කීපයක් අඩුවෙන්නෙ ලියවිලා තියෙන්නෙ.
Deleteස්තුතියි අක්කේ. කෝ ඉතින් අපි එහාට මෙහාට හිර වෙලා මේක අමතකම වුනානේ
ReplyDeleteබින්දි අක්කා යමක් ලියලා ගන්නකො....පොඩි ලමයින්ට...
Deleteස්තූතියි! නංගි. මට මේක දැක්කම දුකයි. පාළුවට ගිහින්.
Delete