හොඳම දේ දරුවන්ටයි

මේ බ්ලොග් අවකාශය දූලා, පුතාලට කියවන්ටයි.
ලියන්නේ නැන්දල, මාමල.
Showing posts with label ළමා ගී. Show all posts
Showing posts with label ළමා ගී. Show all posts

Sunday, March 8, 2015

මොනවද අම්මේ ....................




ගායනය - කිංස්ලි ජයසේකර, ප්‍රිසිලා ඕපාත

ගී පද රචනය - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ

මොනවද අම්මේ අකුරු ජාතියක්

මල් පෙති වල කවුදෝ ලියලා

කවුරුද අම්මේ මේවා ලියන්නේ

පාට පාට ඉරි හැඩ ගහලා


පුතා දන්නෙ නෑ හඳ ඇති කාලෙට

වනන්තරේ හරි වැඩ කෙරෙතී

බෝසත්වරු බණ කතා කියද්දී

වන දෙවඟනො මල් වල ලියතී


මේ වගෙ ලස්සන පාට අපට නෑ

කොතැනින් මේවා ගෙන එන්නේ

කොහොමද අම්මේ මේව කියන්නේ

මට නෑ මොකවත් තේරෙන්නේ


ඉර පායන කොට ඉර බැස යන කොට

පාට වළාකුළු ඇත අහසේ

ඒවායින් මේ මල් පැහැ ගන්වයි

ඒව කෙරෙන්නේ හොර රහසේ


අම්මෙ අම්මෙ අර පුංචි කුරුල්ලෝ

කිචි බිචි ගා මොනවද කියතී

උන් දන්නව ඇති මේ මල් වල ඇති

පුංචි අකුරු නිතරම බලතී


ඔව් මගෙ සූකිරි පුංචි පුතේ ඔව්

කුරුළු ගීත වල රස මතුවේ

එක එක තාලෙට කියන කියන දේ

මල් කොළ වල තව තව ලියැවේ


බිම බැලුවත් මල් උඩ බැලුවත් මල්

පුංචි කුරුල්ලන් ඉගිලෙනවා

සෑමදාම ඇයි මෙහෙම ම නැත්තේ

මල් ද කුරුල්ලන් කොහි යනවා


බුදු හාමුදුරුවො ඉපැදුණු කාලෙට

කවදත් ඔහොමයි පුතුනි මගේ

මිනිසුන් වාගෙම සත්තුන් වාගෙම

මල් කොළ වලටත් සතුට නැගේ


https://www.youtube.com/watch?

v=I76FWIMrctA

Friday, September 30, 2011

මේ රට මගේ රට

කවිපිටුව සරන්න මුලින්ම තෝරාගත්තේ එස්. මහින්ද හිමියන් විසින් රචනා කල මේ රට මගේ රට කවි පන්තිය.

එස්. මහින්ද හිමියන් ගැන විස්තර මෙතැනින් දැන ගන්න පුළුවනි.


මේ කවි පන්තිය මාලනි බුලත්සිංහල නැන්දා බොහෝම ලස්සනට ගායනා කරනවා, ඒ සින්දුව අහමු.