අවුරුදු ගී
මේ අවුරුදු කාලේ සිනහ වෙයන් -මේ අවුරුදු කාලෙ හිනාවෙයන් රාලේ
මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාලේ
තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ
ආ.. ආ.. ආ......
දොං තරිකිට කැත්ත දොදොං
පිල වටකර කැත්ත දොදොං
ලමා තැල්ල ඩිඟිසි ඩිඟොයි
ලමා තැල්ල තක ත්යො තාං
කැවුම් කොකිස් තෙලේ බැදෙයි
කැවිළි සුවඳ සිතට දැනෙයි
මා.. මා.. මාං කිකිළී
දියේ ගොඩේ ගිය කිකිළී
තාම ආවෙ නෑ කිකිළී
ටාං.. ටාං.. ටං.....
ගත්තිංඥා තිංඥා... ගති ගත ගෝ ගති ගත ගෝ
ඔන්චිලි චිලි වාරම් ගම දෙවනත් වෙන්නා
අවුරුදු ආවෝ...
මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාලේ
තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ
ආ.. ආ.. ආ......
දොං තරිකිට කැත්ත දොදොං
පිල වටකර කැත්ත දොදොං
ලමා තැල්ල ඩිඟිසි ඩිඟොයි
ලමා තැල්ල තක ත්යො තාං
ගමේ රබන් දොරට වඩියි
සිනහ මුහුණු අවට පෙනෙයි
පා.. පා.. පාං කිකිළී
දියේ ගොඩේ ගිය කිකිළී
තාම ආවෙ නෑ කිකිළී
පාං.. පාං.. පං.....
ගත්තිංඥා තිංඥා... ගති ගත ගෝ ගති ගත ගෝ
සිහල අවුරුද්දේ මල් කැකුළක් සේ දිළිසෙන්
අවුරුදු ආවෝ...
'එළුවන් කෑම' ද ගම්දොර ළමා පෙළ යොමුවන ජන ක්රීඩාවකි.
මේ වැල මොකදෝ - දම්වැල
මේ වැල මොකදෝ - කිරිවැල
මේ වැල මොකදෝ - කිඳවැල
මේ වැල මොකදෝ - මදුවැල
උඩින් පනින් - තල්ල කැඩෙයි
යටින් රිංගන් - තිලෙඹාල් ඇනෙයි
මේ පුටු කාගේ - බණ්ඩාරේ
මේ ඇඳ කාගේ - බණ්ඩාරේ
කුරුලු කූඩු කූඩු දුටින් - අපි දුටු කූඩුවක් නැති
ලේන් කූඩු කූඩු දුටින් - අපි දුටු කූඩුවක් නැති
ගේ ගොම ගාලා ගත් මගෙ එළුවා - නුඹට කොයින්දෑ මාගේ එළුවා
ඉලපත දීලා ගත් මගෙ එළුවා - නුඹට කොයින්දෑ මාගේ එළුවා
එළුවන් කන්ඩයි මං ආවේ - එළු බෙටි කාපන් සොන්දීරේ
එළුවා කපා අපේ ගෙටයි - ඒ බඩවැල් තොපේ ගෙටයි
බුලත් කොටංඤ්ඤං රලහමි - දෙනවද එළුවා
බුලත් කෙටූවත් රලහමි - නොදෙනෙමි එළුවා
දණින් වැටෙඤ්ඤං රලහාමි - දෙනව ද එළුවා
කොච්චර වැන්දත් රලහාමි - නොදෙනෙමි එළුවා
සිංහල අවුරුදු
කාලයේ ඔංචිලි පැදීමේ ක්‍රීඩාව ඉතා
ජනප්‍රිය
කාර්යයකි.බාල මහලු තරුණ කවුරුත් මෙම කවි ගායනා කරමින්
මෙම ජනප්‍රිය
ක්‍රීඩාව කරනු ලබයි.මෙසේ ගායනා කරන ගී ඔන්චිලි වාරම්
ගී ලෙස
හැදින්වේ.
ඔන්චිලි චිලි
චිල්ල මලේ
වැල්ල දිගට
නෙල්ලි කැලේ
කඩන්න බැරි
කටු අකුලේ
කඩා දියන් මගේ
මලේ
පදිනා කල විත්
වැල් ඔංචිල්ලා
අඳිනා වත තද
කර ඇදගල්ලා
පදිනා වැල්
දෙක බුරුල් නොදෙල්ලා
සොඳිනා ගී
කියමින් පැදපල්ලා
ඔන්චිල්ලා පැදීම
පුරාණයේ සිටම පැවැත එන ඔන්චිල්ලාව සමඟ බැඳී පවතින ජනප්‍රවාද කීපයක් ඇත. එයින් පැරණිම කතාවට අනුව අසුර නම් තැනැත්තා ඊශ්වර දෙවියන්ට ඇප උපස්‌ථාන කිරීමෙන් සතුටට පත් විය. කාලයක් ගෙවෙන විට ඊශ්වර දෙවියන්ගේ බලසම්පන්න බව නිසාම කිසියම් වරයක් ඉල්ලා ගත යුතු යෑයි සිතුණෙන් අසුරයා විසින් ඊට ගැලපෙන කාලය බලා සිය අදහස ඉදිරිපත් කරන ලදී. අසුරයා පිළිබඳව වූ විශ්වාසය නිසාම ඊශ්වර දෙවියන් වරයක් දීමට කැමැත්ත පළ කළෙන් අසුරයා ඉල්ලා සිටියේ තමා කිසිවෙකුගේ හිසට අත කැබූ විට එම තැනැත්තා අළු වී යන වරමකි. ඊශ්වර දෙවියන් විසින් එම වරම ලබා දුන් තැනදී අසුරයාට එය අත්හදා බැලීමේ ආශාවක් පහළ විය. එය අත්හදා බැලීමට අසුරයා ඊශ්වර දෙවියන්ගේ හිසට අත තැබූ සැණම ඊශ්වර දෙවියන් ඔහුගෙන් බේරීමට පළා යත්ම එය දුටු විෂ්ණු දෙවියන්ට ඊශ්වර දෙවියන් ගැන දුක සිතුණේය. විෂ්ණු දෙවියන් විසින් අසුරයා යන මග ඔන්චිල්ලාවක් බැඳගෙන ගැහැනු වෙසින් ඔන්චිල්ලා පදිනු දැක අනේ මෙම කාන්තාව මෙසේ සිටින්නේ ඇයි දැයි සිතා නළලට අත ගසා ගත් වනම අසුරයා අළු වී ගියේය
පත්තිනි දෙවියන් වෙනුවෙන් බාර වී ඔන්චිල්ලා ඉදි කරන බව කියන අතර කූඩු ඔන්චිල්ලා , බඹර ඔන්චිල්ලා, දෙපට ඔන්චිල්ලා, වැල් ඔන්චිල්ලා, යතුරු ඔන්චිල්ලා , සහ මල් ඔන්චිල්ලා ලෙස ප්‍රභේද ගණනාවකි. සිංහල අවුරුදු කාලයේදී පදිනු ලබන්නේ ලණු ඔන්චිල්ලාවයි. මෙහිදී දෙදෙනෙකුට වාඩි වී සිටිය හැකි අතර දෙන්නෙක් දෙපැත්තේ සිට ඔන්චිල්ලාව පදවනු ලැබේ.
සිංහල අවුරුදු කාලයේදී කලඑළි බසින ඔන්චිල්ලා පැදීමේදී ගායනා කරන කවි වාරම් ලෙස හැඳින්වේ.
අත්ත උසං උසං උසං
ජම්බු පොකුරු සිලිං බිලිං
ලොකු අක්‌කේ පදිං පදිං
ජම්බු කඩං බෙදං බෙදං
රබන් වාදනය ප්‍රධාන
කොටස් තුනකින් සිදු වේ.
1. රබන් සුරල්
වැයීම
රබන් සුරල්
වැයීමේදී රබාන වටා හයදෙනෙක් වාඩි වී සිටිති. තිදෙනෙක් රබාන වාදනය කරන අතර ඉතිරි
අය වයන පදයේ තාලයට සිය අත්ලෙන් රංගනය ඉදිරිපත් කරයි.
බුලත් බුලත්
මම ගත්තා
තුට්‌ටු දෙකට
මම වික්‌කා
තුට්‌ටු දෙකට
ගත්තු බුලත්
සල්ලි හතට මම
වික්‌කා
උඩින් උඩින්
වර පෙත්තප්පූ
බිමින් බිමින්
වර පෙත්තප්පූ
උඩින් උඩින්
වර බිමින් බිමින් වර
කැවුම් කන්න
වර පෙත්තප්පූ
2. අත්මාරු කිරීම
රබාන වාදනය
කරන විට එකිනෙකාගේ අත්වලට ගසමින් රබාන වාදනය කරන අතර මෙම අවස්‌ථාව සඳහා ස්‌ත්‍රී
පුරුෂ දෙපක්‌ෂයම සම්බන්ධ වෙති. එකිනෙකා අතර ගොඩනඟා ගන්නා සංවාදයන්ට අනුව සිදු වෙන
වාදනය බෙහෙවින් විනෝදජනක වේ.
රත්තරනින්
මුද්ද හොඳයි
ගල් තුනකුත්
එක්‌ක
මුද්ද ගන්න
කැමැති කෙනා
එනවද මා එක්‌ක
දකුණ හුරුයි
දෝං තාං
වමත හුරුයි
දෝං තාං
දකුණ හුරුයි
වමත හුරුයි
දෙකම හුරුයි
දෝං තාං
තාලන්
මෙහිදී මුලින්
ගීතයක් ගායනා කරන අතර එයින් අනතුරුව එය රබානෙන් වාදනය කරයි. මුලදී ඉතාම ලයාන්විතව
රබන් පදයක් ගයා වාදනය ආරම්භ කරයි. එයින් අනතුරුව ගීතය නොමැතිව වාදනය පමණක් සිදු
වේ. ඉතා තරගකාරීව මෙය සිදු කෙරේ. එක් කණ්‌ඩායමක් ගීතයේ පදය ගායනා කරන අතර සෙසු
පිරිස පදයට අනුරූප වාදනය ඉදිරිපත් කරයි. තාලන්වලදී ගායනා කරන ගීතයන් අතර
පැත්තක
බුදුරුව පැත්තක දෙවිරුව
සෑය රුවින්
දිලිතෙයි.
අත්තක සුදු
මල්
අත්තක රතු මල්
සෑය රුවින්
දිලිතෙයි.
තත් තත් ගිජි
කුඳ
රුපියල් සවුදම
ටි ං ගා දොර
හරිතෙයි
පිංතුර හා සමහර සටහන් අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.
පිංතුර හා සමහර සටහන් අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.
දුවල පුතාල නැන්දල මාමලා සැමටම වාසනාවන්ත ජය සතුට පිරි සුබ අළුත් අවුරුද්දක් වේවා!
.jpg)
.jpg)

.jpg)
.jpg)
.jpg)

.jpg)
.jpg)
.jpg)
.jpg)


